පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.



කමිසය(1-13 ශ්‍රේණි සදහා)
- සුදු අත්කොට කමිසය
- කමිසය ඇගැට හිර නොවන ලෙස ලිහිල් විය යුතුය
- කමිස අත හිර නොවිය යුතුය
- වම් පස තනි සාක්කුවක් විය යුතු අතර,නිල ලාංජනය සාක්කුවේ ඉහළ දකුණු කෙලවරට මැසිය යුතුය
කලිසම(1-9 ශ්‍රේණි සදහා)
- සුදු පැහැති කොට කලිසම
- දනහිසේ සිට අගල් 1.5 ඉහ්ගලින් සිටින සේ මැනිය යුතුය
- ප්ලිට් දෙකක් තිබිය යුතුය
කලිසම(10-11 ශ්‍රේණි සදහා)
- 10-11 ශ්‍රේණි දක්වා සුදු දිග කලිසම
- දිග කලිසම පාදය අගල් 16ට නොඅඩු විය යුතුය
- ප්ලිට් දෙකක් තිබිය යුතුය
- කළු මේස හා කළු සපත්තු පැළදිය යුතුය
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.




ගවුම(1-13 ශ්‍රේණි සිසුවියන් සදහා)
- ගවුමේ රැලි අගල් 1.25ට වඩා නොඅඩු හෝ කොටස් වන පළලකින් තැබිය යුතුය.මැද ප්‍රධාන රැල්ල සහ එක පසකට රැලි 3ක් වන සේ තැබිය යුතුය
- ඉනේ පටිය අගල් 1.25 පළලකින් යුක්ත විය යුතුය
- පටිය ගවුමේ වම පසින් මුට්ටු කල යුතුය
- ගවුමේ උස තීරණය වන්නේ දන ගැසූ විට වාටිය බිම ගැවෙන ප්‍රමාණයයි
- ගවුමේ ඉන ඉනකඩ දක්වා පමණක් ලිහිල් විය යුතුය
- කද කොටස සිරුරට ඉතා තද හෝ ලිහිල් නොවිය යුතුය
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.






