පාසලේ ඉතිහාසය

ඇසළ මල් බැති ගී සරණිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මැල්සිරිපුර නගර මධ්‍යයේ  පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.

 

වර්ෂ 1905 ජනවාරි  31 වැනි දින මැල්සිරිපුර නගර මධ්‍යයේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ එච්.එම්.ඩී.බණ්ඩා මයා ය.ජාකොබ් ද මැල්  මහතාගේ පරිත්‍යාගයෙන් ලද විශාල බිම්කඩක ගොඩනගන ලද පාසැල සැදීමට මූලික වී ඇත්තේ කොළඹ තරුණ බෞද්ධ සංගමයයි.

 

ආරම්භයේදී මැදමුල්ල පිරිමි විද්‍යාලය ලෙස හඳුන්වන ලදී.1925.06.01 ගැහැණු පාසැල ආරම්භ කරන ලදී.එහි විදුහල්පතිනිය ලෙස ඩී.එස්ජයසූරිය මිය පත් විය.පාසල් දෙක සදහා වෙනම ගොඩනැගිලි දෙකක් පැවතිනි.1952 දී පිරිමි පාසලේ දෙවෙනි ගොඩනැගිල්ලද 1955 දී ගැහැණු පාසලේ දෙවෙනි ගොඩනැගිල්ලද ඉදිකරන ලදී.1959 දී ගැහැණු පාසැල ජෙය්ෂ්ට පාසලක් බවටද 1960 දී පිරිමි සහ ගැහැණු පාසල් දෙකම ජෙය්ෂ්ට පාසල් බවටද පත්කරන ලදී.1961 දී පාසල් දෙකම එකම පාසලක් බවට පත්විණි.

1978 සහ 1984 වර්ෂ වලදී ගොඩනැගිලි 3ක් ඉදිකරන ලදී.1990 දී පුස්තකාලය,විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී.1992 දී දෙවන ශාලාවට යාබදව කුඩා ශාලාවක්ද මුලුතැන් ගෙයද ඉදිකරන ලදී.1994 දී පාසල් ඇමතුම් පද්ධතිය ද ඉදිකරන ලදී.

1968 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවටද 1998 ජුනි 01 වන දින ආදර්ශ මහා විද්‍යාලයක් බවටද උසස් කරන ලදී.1990 ජුනි 15 වන දින පාසලේ නම ව/ඉ/මැදමුල්ල ද මැල් මහා විද්‍යාලය ලෙස වෙනස් කරන ලදී.

1968 වර්ෂයේදී උසස් පෙළ කල විෂය ධාරවද,1990 වර්ෂයේදී උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා විෂයද 1994 වර්ෂයේදී උසස් පෙළ වාණිජ හා සෞන්දර්ය විෂය ධාරාද ආරම්භ කරන ලදී.ඉන් පසුව වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි.

විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා ක්‍රීඩා පිටියක්, මහින්දෝදය විද්‍යාගාර,  පරිගණක ඒකකය ද පාසලට එකතු විය. විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. 

 

ගණිතය, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය 6,7,8 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, මාධ්‍ය ඒකකය,ශිෂ්‍ය භට, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

 

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 68ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. 865 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. වර්ෂ 2024 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

 

ආරම්භ කළ වර්ෂය

1905.01.31

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

29

මුල් ගුරුතුමාගේ නම

එච්.එම්.ඩී.බණ්ඩා මයා 

පාසලේ ආදි කතෘගේ නම

ජාකොබ් ද මැල්  මහතා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මැදමුල්ල පිරිමි පාසැල 

පාසල භාරව කටයුතු කිරීම

එච්.එම්.ඩී.බණ්ඩා මයා 

පාසල රජයට පවරාගත් දිනය

1905.01.31

ආරම්භ කිරීමට මූලික වූ සංවිධාන 

කොළඹ තරුණ බෞද්ධ සංගමය